චීන - ප්‍රංශ ජනපතිවරු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙති
2023-04-06 19:16:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් යන මහත්වරු ඒකාබද්ධ  මාධ්‍ය හමුවකට එක්වෙති. නායක දෙපළ  අතර පැවති සාකච්ඡාවෙන් පසු අද (6) පස්වරුවේ එම මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.

චීනයේ සැසිවාර දෙක සාර්ථක ව පැවැත්වීමෙන් පසු චීනයේ  සංචාරය කළ  ප්‍රථම යුරෝපා කලාපීය රාජ්‍ය නායකයා මැක්‍රොන්  මහතා බව  ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. එසේම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වන, ස්වාධීන සම්ප්‍රදායක් ඇති විශාල රටවල් දෙකක් වන චීනය සහ ප්‍රංශය ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවට නව දායකත්වයක් ලබා දිය යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. නායක දෙපළ අතර පැවති මිත්‍රශීලී සහ ගැඹුරු සාකච්ඡාවේ දී මේ සඳහා ඒකමතික එකඟතාව පළ වූ බව ද හෙතෙම පැවසීය.

ජනාධිපති මැක්‍රොන් සමග චීන-යුරෝපා සබඳතා පිළිබඳව ගැඹුරු අදහස් හුවමාරු කරගනිමින්, එම සබඳතාවල ධනාත්මක න්‍යාය පත්‍රය කෙරෙහි අවධානය යොමු කරන බවත්,  විවිධ ක්ෂේත්‍රවල හුවමාරු, සංවාද සහ සහයෝගිතා පුළුල් ලෙස යළි ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බවත් චීන ජනාධිපතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම