Tsai Ing-wen ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා හමුවීම සම්බන්ධයෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු පිළිබඳ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
2023-04-06 09:48:15
Share with:

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Kevin McCarthy සහ අනෙකුත් කොංග්‍රස් සාමාජිකයින්, ඇමරිකාවේ දී චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Tsai Ing-wen හමුවීම සම්බන්ධයෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු පිළිබඳ කොමිසම නිවේදනයක් නිකුත් කරයි.

Kevin McCarthy සහ අනෙකුත් කොංග්‍රස් සාමාජිකයින් චීනයේ දැඩි විරෝධය නොතකා,අද (6) ඇමරිකාව හරහා සංචාරය කළ චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Tsai Ing-wen හමුවීමට චීනයේ ජාතික මහජන කොංග්‍රසය තරයේ විරුද්ධ වන අතර එය දැඩි ලෙස හෙළා දකී.

චීන ජාතික මහජන කොංග්‍රසය විසින් පනවන ලද බෙදුම් විරෝධී නීතිය, එකම චීනය යන මූලධර්මයට අනුගත වීම, තායිවාන බෙදුම්වාදය මැඩපැවැත්වීම සහ තායිවාන ප්‍රශ්නයට බාහිර බලවේගවල මැදිහත්වීම්වලට විරුද්ධ වීම වැනි ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පැහැදිලි විධිවිධාන දක්වයි. "චීනය මර්දනය කිරීමට තායිවාන ප්‍රශ්නය භාවිත කිරීම" , "තායිවාන බෙදුම්වාදීන්ට" සහය දැක්වීමට සහ එවැනි ක්‍රියා අනුමත කිරීමට දරන ඕනෑම උත්සාහයක් අසාර්ථක වනු ඇත. "බෙදුම්වාදය සඳහා විදේශ බලවේග මත යැපීමේ" සහ චීනය යළි එකමුතු වීම පළුදු කරන ඕනෑම ක්‍රියාවකට අවසානයේ නීතියෙන් දඬුවම් ලැබෙනු ඇතැයි ද ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම