චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා හමුවෙයි.
ජනපතිවරුන්ගේ හමුව බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී අද (06) පස්වරුවේ සිදුවිය.
වසර 3කට වැඩි කාලයකට පසු යළිත් චීනයේ නිල සංචාරයක නිරත මැක්‍රොන් මහතා, ෂී ජින් පිං මහතා විසින් එහිදී පිළිගනු ලැබීය. චීනය හා ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් මෙන්ම ස්වාධීන හා බලවත් රාජ්‍යයන් ය. එසේම, මතභේද හා බාධා ඉක්මවමින් ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය වගකීම් සහගත අයුරින් අනුගමනය කිරීමේ හා ලෝක සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය ආරක්ෂා කිරීමේ හැකියාව දෙරටම සතු වේ.
චීනය සිය විදේශ සම්බන්ධතා අංගසම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව මෙන් ම, චීනයේ සැසිවාර දෙක සාර්ථක ව පැවැත්වීමෙන් පසු යුරෝපා රටක රාජ්‍ය නායකයෙකු සිදු කළ ප්‍රථම චීන සංචාරය මෙය බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. මෙම චාරිකාව චීන-යුරෝපා සබඳතාවට නව ගාමක බලයක් සපයනු ඇතැයි තමා විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.