ඇමරිකාවේ සහ චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින්ගේ දේශපාලන සංදර්ශනය
2023-04-06 11:12:44
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Tsai Ing-wen අද(6) ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Kevin McCarthy හමු විය. ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු කථානායිකා Nancy Pelosi පසුගිය වසරේ චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව, මෙය ඇමරිකාව හා චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් විසින් නිර්මාණය කරන ලද තවත් දේශපාලනික ප්‍රකෝපකාරී සිදුවීමකි. 

එකම චීනය යන මූලධර්මය පිළිබඳව ඇමරිකාව බැරෑරුම් ලෙස ප්‍රතිඥා ලබා දී තිබුණ ද, ඔවුන් නැවත නැවතත් එම ප්‍රකාශයට පටහැනිව ක්‍රියා කර ඇත. සැබවින්ම, "එකම චීනය" යන මූලධර්මය බිඳ දමන මෙම හමුවීමේ දී, දෙපාර්ශ්වයටම ආත්මාර්ථකාමී අභිප්‍රායන් ඇති අතර දේශපාලන ස්වාර්ථය සෙවීමට උත්සාහ කර ඇත. 

ඇමරිකානු දේශපාලනයෙහි දරුණු පක්ෂග්‍රාහීත්වයක් පවතී. මීළඟ මහ මැතිවරණයේ වාතාවරණය ක්‍රමයෙන් ශක්තිමත් වීම හමුවේ, රිපබ්ලිකන් පක්ෂයේ Kevin McCarthy තායිවාන ප්‍රශ්නය මගින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියි. එයින් ඇති විය හැකි "ගැටලුකාරී තත්ත්වයන්" ඩිමොක්‍රටික් ආණ්ඩුවට පැවරීම ද ඔහුගේ සැලසුමකි.

මේ අතර, පසුගිය වසරේ තායිවාන ප්‍රාදේශීය මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය දරුණු පරාජයකට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ ස්වයං දිරිගැන්වීම ඉහළ නැංවීම සහ, "තායිවාන බෙදුම්වාදී බලවේගයන්ට" අවශ්‍ය ඊනියා බාහිර ආරක්ෂාවක් ලබා ගැනීම Tsai Ing-wenගේ මෙම සංචාරයේ අරමුණු වී තිබේ.

ඒ අනුව, Kevin McCarthy සහ Tsai Ing-wen අතර පැවති මෙම හමුව "දේශපාලන සංදර්ශනයක්" බව මනාව ගම්‍ය වේ.

කෙසේ වුවද, චීනය සම්පූර්ණයෙන් යළි එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාවය මෙයින් නැවැත්විය නොහැකි ය. එසේම ලෝකයේ අති බහුතරයක් රටවල් "එකම චීනය" යන මූලධර්මය පිළිගෙන සහය දක්වන පොදු තත්ත්වය මෙයින් කිසිසේත්ම වෙනස් කළ නොහැකි ය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම