චීන-ප්‍රංශ ව්‍යවසායක කමිටුවේ 5 වැනි සැසියේ සමාප්ති උළෙල දෙරට ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්
2023-04-06 23:50:29
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සමග චීන-ප්‍රංශ ව්‍යවසායක කමිටුවේ 5 වැනි සැසියේ සමාප්ති උළෙලට එක්වෙයි.  චීන ජනාධිපතිවරයා අද (06) සවස බෙයිජිං අගනුවර පැවති එම උළෙලට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.

එහිදී ෂී ජින් පිං මහතා සඳහන් කළේ, චීන-ප්‍රංශ ආර්ථික හා වෙළඳ සහයෝගිතා දෙරට ආර්ථික සංවර්ධනය තහවුරු කිරීමට පමණක් නොව, ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සඳහා ද ගාමක බලයක් සපයා ඇති බවයි. වර්තමානයේ, චීන ආර්ථික ක්‍රියාකාරීත්වය මැනැවින් ඉස්මතු වී ඇත. චීන-ප්‍ර‍ංශ හා චීන-යුරෝපා සහයෝගිතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ  පූර්ණ වශයෙන් තහවුරු වී තිබේ. අවස්ථා අත්කර ගනිමින්,  සහයෝගිතා තවදුරටත් වැඩිදියුණු කරමින් සුන්දර අනාගතයක් සඳහා පොදු ප්‍රයත්න දැරිය යුතු බව ෂී ජින් පිං මහතා කියා සිටී.

චීන - ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 60 වැනි සංවත්සරය ලබන වසරට යෙදේ. දෙරට වාණිජ ක්ෂේත්‍රවල මිත්‍රවරුන් අත්වැල් බැඳගෙන, ආර්ථික හා වෙළඳ සහයෝගිතා උදෙසා වන නව කාල පරිච්ඡේදයක් තුළින් දෙරට ජනතාවට මැනැවින්  සුබසෙත සලසනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම