Tsai Ing-wen ඇමරිකාව හරහා සංචාරය කිරීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය සිය ස්ථාවරය පැහැදිලි කරයි
2023-04-06 09:43:22
Share with:

Tsai Ing-wen ඇමරිකාව හරහා සංචාරය කිරීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ස්ථාවරය පැහැදිලි කරයි.

තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බව කිසිදු ආකාරයකින් වෙනස් කළ නොහැකි සත්‍යයකි. Tsai Ing-wenගේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ "තායිවාන ස්වාධීනත්වය" පිළිබඳ මානසිකත්වය වැරදි ස්ථාවරයක් වන අතර, සිය ප්‍රතිලාභ සඳහා චීනයට එරෙහි ඇමරිකාවේ බලවේගයන්ට සහය දීමේ ක්‍රියාවකි. මේ හරහා තායිවාන ප්‍රදේශය යුධ ගැටුමකට මෙන්ම එහි ජනතාව බරපතල හානිවලට ලක් කිරීමේ අනතුරකට තල්ලු කෙරෙන බව එම කාර්යාලයේ ප්‍රකාශකයා අද (6) ප්‍රකාශ කළේය.

"තායිවාන ස්වාධීනත්වය" පිළිබඳ මානසිකත්වය අත් හරින ලෙසට එම කාර්යාලය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයෙන් ඉල්ලා සිටී. චීන ජනතාව ශක්තිමත්ව සහ එකමුතුව එයට මුහුණ දී, "තායිවාන ස්වාධීනත්වය" පිළිබඳ ඕනෑම ක්‍රියාකාරකමක් පරාජය කර දමනු ඇති බව ද එම කාර්යාලය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම