චීන ප්‍රංශ හා යුරෝපා කොමිසමේ ත්‍රෛපාර්ශ්වික හමුවක්
2023-04-06 22:38:53
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ද ලෙයන්  මහත්මිය ත්‍රෛපාර්ශ්වික හමුවකට එක්වෙති. එය අද (6) පස්වරුවේ  බෙයිජිංහි දී පැවැත්විණ.

චීනයේ සහ යුරෝපයේ පොදු අවධානයට යොමුවන කරුණු රැසක් ඇති අතර, සහයෝගය තරඟයට වඩා ඉදිරියෙන් පවතින්නක් බව ෂී ජින්පිං මහතා මෙහිදී පැවසීය. අන්‍යොන්‍ය ගෞරවය සුරකිමිනශ , දේශපාලන විශ්වාසය වැඩි දියුණු කර, සංවාද හා සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි. ලෝක සාමය හා ස්ථාවරත්වය,  පොදු සංවර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කර, ගෝලීය අභියෝග ජයගැනීම සඳහා එක්ව ක්‍රියා කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා  පැවසීය.

දේශගුණික විපර්යාස වැනි හදිසි ගෝලීය අභියෝගයන්ට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්විය යුතු බවත්, යුරෝපය සහ චීනය අතර සවිස්තරාත්මක උපායමාර්ගික හවුල්කාරීත්ව අඛණ්ඩව ගැඹුරු කළ යුතු බවත් ප්‍රංශ ජනාධිපතිවරයා සහ යුරෝපා කොමිසමේ  සභාපතිනිය එහිදී පෙන්වාදුන්හ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම