චීන විදේශ අමාත්‍යවරයා සහ ප්‍රංශ, ඉන්දුනීසියා‍නු නිලධාරීහු හමු වෙති
2023-04-06 11:40:04
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික විදේශ ඇමති Qin Gang මහතා හා ප්‍රංශ විදේශ ඇමති Catherine Colonna මහත්මිය ඊයේ(5) ‍බෙයිජිංහිදී හමු වූහ.

ප්‍රංශ ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වීම චීනය ඉහළින් අගය කරමින් ප්‍රංශය සමග මෙම සංචාරයේදී සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Qin Gang මහතා පැවසීය. එමගින් චීන ප්‍රංශ පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව හා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා වඩාත් ඉහළ මට්ටමට ගෙන යාම මෙහෙයවීමට හැකි වනු ඇතැයි ඔහු කියා සිටියි.

ප්‍රංශ චීන සබඳතාව ඉතා වැදගත් වන අතර උපාය මාර්ගික හා දිගුකාලීන දැක්මෙන් යුතුව ප්‍රංශය දෙරටේ සබඳතාව පිළිබඳව සලකන බව ප්‍රංශ විදේශ ඇමතිනි Catherine Colonna මහත්මිය පැවසුවාය. මෙම සංචාරය මගින් විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතාවට නව ජවයක් එක් කරනු ඇතැයි ඇය අපේක්ෂා පළ කළාය.

අනතුරුව, Qin Gang මහතා හා චීන ඉන්දුනීසියා සහයෝගිතාවේ ඉන්දුනීසියා පාර්ශ්වයේ ප්‍රධානී, සමස්ත සැලසුම් කිරීමේ කටයුතු පිළිබඳ ඇමති Luhut Binsar Pandjaitan මහතා ඊයේ(5) හමුවක් පැවැත්වූහ.

ජාත්‍යන්තරයේ කැළඹිලි තත්ත්වය යටතේ චීන දේශීය ප්‍රතිපත්ති අඛණ්ඩව හා ස්ථාවරව පවත්වා ගෙන යාම මගින් කලාපීය සහ ලෝක සාමයට ශක්තිමත් නිශ්චිතභාවයක් සහ ධනාත්මක ශක්තියක් එක් කරන බව Qin Gang මහතා පැවසීය. එමෙන්ම ඉන් චීන ඉන්දුනීසියා සහයෝගිතාවට ප්‍රබල ගාමක බලවේගය එක් වනු ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

චීනය සමග ‘Bandung ජීවගුණය’ අනුගමනය කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා ප්‍රවර්ධනය කර පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීමට ඉන්දුනීසියාව කැමැත්තෙන් සිටින බව Luhut Binsar Pandjaitan මහතා කීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම