චීනයේ මැදිහත්වීමෙන් සෞදි අරාබි - ඉරාන විදේශ අමාත්‍යවරුන්ගේ බෙයිජිං අගනුවර දී ප්‍රථම හමුව
2023-04-06 14:50:19
Share with:

චීනයේ මැදිහත්වීම යටතේ සෞදි අරාබි සහ ඉරාන විදේශ අමාත්‍යවරු බෙයිජිං අගනුවර දී ප්‍රථම වරට හමුවෙති.

පසුගිය මාර්තු මස 10 වැනිදා සෞදි අරාබිය හා ඉරානය එක් වූ බෙයිජිං හමුවේ පසුවිපරමක් ලෙස මෙවර හමුව දෙරට විදේශ අමාත්‍යවරුන් අතර සිදුවේ. මෙය වසර 7කට වැඩි කාලයක් තුළ දෙරට අතර සිදුවන ප්‍රථම නිල හමුව වීම විශේෂත්වයකි.

පසුගිය මාර්තු මාසයේ චීනයේ සහාය යටතේ සෞදි අරාබිය හා ඉරානය බෙයිජිං සම්මුතියට එළඹ ඇති අතර, චීනය එම දෙරට හා එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, සෞදි අරාබි - ඉරාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි පිහිටුවා ඇත. මාස දෙකක් ඇතුළත දෙපාර්ශ්වයේ තානාපති කාර්යාල සහ නියෝජිත කාර්යාල නැවත විවෘත කිරීම සහ තානාපතිවරුන් රටවල් වෙත යැවීම එම ද්විපාර්ශ්වික සම්මුතියට ඇතුළත් වේ.

සෞදි අරාබි සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් මෙවර බෙයිජිං හමුවට පෙර, දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි පිහිටුවීම සහ අදාළ සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්  දුරකථන සංවාද ගණනාවක් පවත්වා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම