‘නවයුගයක් සඳහා චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අධ්‍යයනය සහ ක්‍රියාත්මක කිරීම’ තේමාවෙන් පුළුල් ඉගෙනුම් වැඩසටහනක්
2023-04-06 16:12:34
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ  මිලියන 96 කට වැඩි සාමාජිකයන් සහ නිලධාරීන් වෙනුවෙන්, ‘නවයුගයක් සඳහා වන චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අධ්‍යයනය සහ ක්‍රියාත්මක කිරීම’ යන තේමාව යටතේ ඉගෙනුම් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පියවර ගැනේ. අප්‍රේල් මාසයේ සිට එය ඇරඹෙනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය පසුගියදා පැවැත්වූ රැස්වීමක දී මෙම තීරණය ගනු ලැබීය. පක්ෂ සාමාජිකයින් සහ නිලධාරීන් සඳහා එම වැඩමුළු, කණ්ඩායම් දෙකක් ලෙස පැවැත්වෙනු ඇත.

2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ සිට, චීන කොමියුනිස්ට් පක්ෂය පුළුල් ඉගෙනුම් සහ අධ්‍යාපන ව්‍යාපාර පහක් සංවිධාන කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය පිළිබඳව හදාරන විද්වතුන් විශ්වාස කරන්නේ, සංවර්ධනය සහ ස්ථාවරත්වය යන ප්‍රාතිහාර්යයන් සාක්ෂාත් කරගැනීමට චීනයට මඟ පෑදූ පක්ෂ සාර්ථකත්වයේ එක් රහසක් වන්නේ ඉගෙනීම සඳහා දක්වන දක්ෂතාව බවයි. තේමාගත අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය සහ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී මාධ්‍යයකි.

විද්‍යාත්මක ක්‍රමයක් මෙන්ම චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදයේ නවයුගය සම්පූර්ණයෙන් අධ්‍යයනය කර අවබෝධ කර ගන්නැයි චීන කොමියුනිස්ට් පක්ෂය මෙවර වැඩසටහනේ දී සියලුම පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. නවීන සමාජවාදී රටක් අංගසම්පූර්ණ ලෙස ගොඩනැගීමේ මූලික කර්තව්‍යය වන උසස් තත්ත්වයේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, සමස්ත අධ්‍යයනයන් හි ගැටලු නිරාකරණය කර ගත යුතුය. එමඟින් ජනතා ගැටළු විසඳීමේ සැබෑ ප්‍රතිඵලය ජනතාවට එලෙසින්ම අත්විඳිය හැකි වනු ඇත. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම