Tsai Ing-wen “ඇමරිකාව හරහා සංචාරය කිරීම” පිළිබඳව චීන වි‌දේශ අමාත්‍යංශය ස්ථාවරය පැහැදිලි කරයි
2023-04-06 09:34:02
Share with:

Tsai Ing-wen “ඇමරිකාව හරහා සංචාරය කිරීම” පිළිබඳව චීන වි‌දේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා ස්ථාවරය පැහැදිලි කරයි. 

මෑතකදී චීනයේ දැඩි විරෝධය හා අනතුරු ඇඟවීම් නොසලකා Tsai Ing-wen වෙත ඇමරිකාව හරහා සංචාරය කිරීමට එරට අවසර ලබා දී තිබේ. එමෙන්ම ඇමරිකානු රජයේ තුන්වන ඉහළම ප්‍රධානී, කොංග්‍රසයයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Kevin Owen McCarthy, ඇමරිකානු රාජ්‍ය නිලධාරීහු හා මන්ත්‍රීවරු ඇතුළු පිරිස Tsai Ing-wen මුණගැසී සාකච්ඡා පැවැත්වූහ. ඒ අතරතුර ඇමරිකානු පාර්ශ්වය ඇගේ තායිවාන බෙදුම්වාදී ප්‍රකාශය ප්‍රචාරය කිරීම සඳහා වේදිකාව සපයා දී තිබේ. 

ඊනියා ‘සංචාරය’, නිදහසට කරුණු දැක්වීමකි. තායිවාන බෙදුම්වාදීන් ඇමරිකාවේ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, දෙපාර්ශ්වය අතර නිල හුවමාරු පවත්වමින් ඇමරිකා-තායිවාන සබඳතාව ප්‍රායෝගිකව ඉහළ මට්ටමකට නංවා ගැනීමටත් ඉඩ ලබා දීම එහි සැබෑ අරමුණ බව ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

ඇමරිකාවේ මෙම ක්‍රියාව එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශන තුන බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. එමඟින් චීනයේ ස්වාධිප්‍යය හා භෞමික අඛණ්ඩතාවට දැඩි හානි සිදු කර තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කර ඇත. චීනය ඊට දැඩි විරෝධය පළ කරමින් ඇමරිකාව තරයේ හෙළාදකින බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම