පළාත් හයක ගුරු පුරප්පාඩු පිරවීමට පියවර
2023-04-06 15:26:59
Share with:

පළාත් හයක ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ උතුර යන පළාත් සභාවල පාසල් සඳහා එම ගුරුවරුන් යෙදවීමට අපේක්ෂිතයි.

එම පළාත්වල ගුරු පුරප්පාඩු, 2023 වසර සඳහා වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාවට යටත්ව මෙලෙස  පිරවීමට ක්‍රියාකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියාසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම