චීනය සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ලෝක වෙළඳ සංවිධානය පවසයි
2023-04-06 11:14:38
Share with:

ලෝක වෙළඳ සංවිධානය ඊයේ (5) “ගෝලීය වෙළඳාමේ ඉදිරි දැක්ම හා සංඛ්‍යාලේඛන ”ඇතුළත් නවතම වාර්තාව නිකුත් කර තිබේ. මේ වසරේ ගෝලීය භාණ්ඩ වෙළඳාම සියයට 1.7කින් වර්ධනය වනු ඇතැයි එම වාර්තාව අනාවැකි පළ කරයි. එය 2022 වසරට සාපේක්ෂව තරමක් පහත වැටීමකි. යුක්රේන අර්බුදය, අධික උද්ධමනය , දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හා මූල්‍ය වෙළඳපොළේ අවිනිශ්චිතතාවයන් ඊට බලපාන බව ලෝක වෙළඳ සංවිධානය පවසයි.

නමුත් මේ වසරේ චීනය සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි එම සංවිධානය කියා සිටී. මේ වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය හා වෙළඳාම කැපී පෙනෙන ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීන සංචාරකයන් ‍ජාත්‍යන්තර සංචාරක වෙළඳපොළට ප්‍රවේශ වීම ඉහළ යාමෙන් කොවිඩ් වසංගතයෙන් හානි සිදු වූ ආර්ථිකයන්ට  විශාල සහයක් වනු ඇති බව ද ලෝක වෙළඳ සංවිධානය සඳහන් කරයි.

 


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම