17වැනි ‘චීන-ප්‍රංශ සංස්කෘතික වසන්තයේ’ සමාරම්භක උළෙල ප්‍රංශ ජනපති ප්‍රධානත්වයෙන්
2023-04-06 15:02:28
Share with:

ප්‍රංශ ජනාධිපති එම්මෙනුවෙල් මැක්‍රොන් මහතා 17වැනි ‘චීන-ප්‍රංශ සංස්කෘතික වසන්තයේ’ සමාරම්භක උළෙලට එක්වෙයි.

අප්‍රේල් 05 වැනි දා සිට 07 වැනි දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත ව සිටින ප්‍රංශ ජනාධිපතිවරයා බෙයිජිං නුවරට ළඟාවීමෙන් පසු එම උළෙලට සහභාගි විය. දෙරට සබඳතාවයේ දී මානව හුවමාරුවල වැදගත්කම අවධාරණය කළ හෙතෙම, නව සංස්කෘතික අදහස් හුවමාරු ව්‍යාපෘති රැසක් එහිදී ප්‍රකාශයට පත් කළේ ය.

‘චීන-ප්‍රංශ සංස්කෘතික වසන්තය’  කලා සැණකෙළිය ඇරඹුණේ 2006 වසරේ දී ය. එය දෙරට සංස්කෘතීන් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාපෘතියකි. සංගීත, නාට්‍ය, චිත්‍රපට, දෘශ්‍ය කලා ඇතුළු බහුවිධ කලා විශේෂාංග පිළිබඳ වැඩමුළු මෙවර සැණකෙළියට ඇතුළත් වේ. චීනයේ  නගර 20 කට අධික සංඛ්‍යාවක, වැඩමුළු 65කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම