ශ්‍රී ලංකාව ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා මන්දගාමී ලෙස ගමන් කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව කියයි
2023-04-06 14:21:19
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේ දී ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා මන්දගාමී ලෙස ගමන් කිරීම ආරම්භ කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය වසරේ දී මෙන්ම මෙම වසරේ දීත් මෙරට ආර්ථිකය හැකිලෙනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව කාලානුරූපීව ලබාගන්නා ප්‍රගතිය උපකල්පනය කරමින් මෙම පුරෝකථන ආසියානු සංවර්ධන බැංකුව සිදු කර ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 7.8 % කින් හැකිලී තිබේ. මෙම වසරේ දීත්  3 % කින් හැකිලෙන එය ලබන වසරේ දී  1.3 % ක ධනාත්මක වර්ධනයක් ලබාගනු ඇති බවත් එම පුරෝකථනයන් හි දැක්වේ.

පසුගිය වසරේ 46.4 % ක් වූ මෙරට උද්ධමනය මෙම වසරේ දී  24.6 %දක්වා අඩුවනු ඇති බවත්, එය ලබන වසරේ දී  5.5% දක්වා අඩුවනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම