Nord Stream නල පිපිරුම පිළිබඳ සත්‍යය සෙවීමට බටහිර රටවල නිලධාරීන්ට වුවමනාවක් නොමැති බව ඇමරිකානු මාධ්‍ය කියයි
2023-04-05 16:13:24
Share with:

Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය පිපිරීමේ සිද්ධියේ සත්‍යය සෙවීමට බටහිර රටවල නිලධාරීන්ට වුවමනාවක් නොමැති බව ඇමරිකානු මාධ්‍ය ප්‍රකාශ කරයි.

ඇමරිකානු The Washington Post පුවත්පත පසුගිය 3 වැනිදා පළ කළ වාර්තාවකින් මේ බව හෙළි විය.

එම වාර්තාවට අනුව, එහි හේතුව වන්නේ පිපිරීමේ සිද්ධියට වගකිව යුත්තේ ඔවුන්ගේම සගයන් බව සොයා ගැනීමට වඩා සිද්ධියේ සැලසුම්කරු කවුද යන්න එම බටහිර නිලධාරීන් "නොදැන සිටීමයි". යුරෝපා සහ නේටෝ සංවිධානයේ ප්‍රතිපත්ති සම්පාදකයන් හමුවන විට, විවෘතව ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන ගිවිසුම එනම්, "Nord Stream" නල පිපිරීම ගැන කතා නොකිරීමට එකඟ වන බව යුරෝපා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් අනාවරණය කළේය. එම රාජ්‍ය තාන්ත්‍රිකයා පෙන්වා දෙන්නේ, යුරෝපා සහ නේටෝ නිලධාරීන් "Nord Stream" නල පිපිරීමේ සත්‍යය ගැඹුරින් විමර්ශනය කිරීමෙන් තමන්ට යහපතක් සිදුනොවන බව වටහාගෙන සිටින බවයි. එසේම, ඉන් තමන්ට "කැළඹිලි සහගත" පිළිතුරක් ලැබෙනු ඇතැයි ඔවුන් දැනසිටින බව ද ඔහු කියාසිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම