චීනයේ ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සේවා ශීඝ්‍රයෙන් පුළුල් වෙයි
2023-04-05 16:38:19
Share with:

චීනයේ සිට ජාත්‍යන්තර මගී ගුවන් ගමන් ක්‍රියාත්මක රටවල් හා කලාප ගණන වසංගතයට පෙර පැවති අගයෙන් 80% ක් දක්වා ළඟා වෙයි.

චීන සිවිල් ගුවන් සේවා පරිපාලනයේ, ප්‍රවාහන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ Liang Nan මහත්මිය ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවාය. පසුගිය සතියේ, චීනය ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර මගී ගුවන් ගමන් 2021ක්, රටවල් සහ කලාප 58කට සේවා සපයා ඇතැයි ඇය එහිදී පැවසුවාය.

දැනට ආරම්භ වී ඇති 2023 ගිම්හාන සහ සරත් සෘතු ගුවන් ගමන් වාරයේ දී, චීන-විදේශීය ගුවන් සමාගම් චීන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන වෙළඳපොළේ පුරෝකථන මත පදනම්ව, ප්‍රවාහන ධාරිතාව සක්‍රියව සකස් කරනු ඇත. එසේම, ජාත්‍යන්තර මගී පියාසැරි සැලසුම් විශාල ලෙස පුළුල් කිරීමට සැලසුම් කර ඇතැයි ද Liang Nan මහත්මිය කියාසිටියාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම