දේශය වෙනුවෙන් දිවිපිදූ උතුම් විරුවන් සමරන චීන ජනපති
2023-04-05 16:03:00
Share with:

අද (5)Qingming උත්සව දිනය හෙවත් දිවිපිදූවන් සිහිකිරීමේ දිනය යි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සෑමවිටම දේශය වෙනුවෙන් දිවි පිදූ විරුවන් සිහිකරන නායකයෙකි.

2014 ඔක්තෝබර් මාසයේ පැවති චීන මහජන විමුක්ති හමුදාවේ දේශපාලන කාර්ය සමුළුවේ දී  ෂී ජින් පිං මහතා පැවසුවේ, "රට සහ ජනතාව වෙනුවෙන් දිවි පිදූ විරුවන් සැමදා සිහිපත් කර ඔවුන්ට ඉහළ ගෞරවයක් ලබා දිය යුතු" බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයේ සිට චීන ජනාධිපතිවරයා දේශයේ විරුවන්ට උපහාර පුදකරමින් විරුවන් සිහිපත් කරයි. ෂී ජින් පිං මහතාගේ තියුණු මතකය සහ දිවිපිදූ වීරෝදාර පිරිස පිළිබඳ අසීමිත ස්මරණය ඉන් පිළිබිඹු වෙයි.

"ප්‍රතිඥා දුන් ජාතියකට තම විරුවන් නොමැතිව පැවතිය නොහැකි" බව  පවසන ෂී ජින් පිං මහතා දේශයේ විරුවන්ට අපමණ ගෞරවය දක්වමින්,  විවිධ අවස්ථාවලදී ඔවුන් පිළිබඳ කථා ආදරයෙන් සිහිපත් කළේය.

ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයට එක් වූ විරුවන් ඇතුළු සියලු ජාතික වීරයන් චීන ජාතියේ කොඳු නාරටිය බවත්, ඔවුන්ගේ ක්‍රියාවන් සහ ආත්මය චීන ජාතිකයන් ඉදිරියට යාමට පොළඹවන ප්‍රබල බලවේගයක් බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

“කාලය කෙසේ වෙනස් වුවද රට, ජාතිය සහ සාමය වෙනුවෙන් තම වටිනා ජීවිතය කැප කළ සියලුදෙනාගේම පරිත්‍යාගය සහ කැපවීම අප සැමවිටම සිහිපත් කළ යුතු”බව ද චීන ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම