රුක් රෝපණය කෙරෙහි චීන ජනපතිගේ අවධානය
2023-04-05 16:40:13
Share with:

Qingming උත්සවය හෙවත් මළවුන් සිහිකිරීමේ උත්සවය යෙදෙන කාලය තුළ රුක් රෝපණය චීන ජාතිකයන්ගේ සිරිතකි. මෙම වසරේ එම උත්සවයට පෙර දිනය වූ 04 වැනි දා, චීනයේ උත්තරීතර නායක ෂී ජින් පිං මහතා ජනතාව සමග රුක් රෝපණයේ නිරත විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට පත්වීමෙන් පසු හෙතෙම මෙම වැඩසටහනට එක්වූ 11 වැනි අවස්ථාව මෙයයි.

සුපුරුදු පරිදි, හෙතෙම එම අවස්ථාවේ දී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත විය. ගස් සිටුවීමේ වැදගත්කම, උපන් ගම කෙරෙහි දක්වන සංවේදී හැඟීම් හා පරිසර හිතකාමී සංවර්ධනය සම්බන්ධයෙන් හෙතෙම අදහස් පළ කළේ ය.

ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ රුක් රෝපණය ඉහළ වැදගත්කමක් සහිත කාර්යයක් වන අතර, මෙය අඛණ්ඩ ව පවත්වා ගත යුතු බවයි. පරිසර හිතකාමී සංවර්ධනය, චීනය සංවර්ධනය කිරීමේ දී දැවැන්ත උපායමාර්ගයකි. මෙය ඉදිරියට මෙහෙයවිය හැක්කේ සමස්ත ජනතාවගේ සාමූහික ප්‍රයත්න සමග බව ද ෂී ජින් පිං මහතා සඳහන් කර තිබේ.

2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් පසු චීනයේ රුක් රෝපණය කෙරුණු සමස්ත වපසරිය හෙක්ටයාර 6කෝටි 80දහසකි. වන ආවරණ ප්‍රතිශතය වසර 10කට පෙර පැවති 21.63% සිට 24.02% දක්වා ඉහළ ගොස් තිබේ. චීනය කෘත්‍රිම වනාන්තර ඉදිකිරීම අතින් ද ලොව ප්‍රමුඛස්ථානයෙහි පසුවෙයි.



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම