වසර අවසානයේ මෙරට උද්ධමනය 10% ට වඩා අඩුවන බවට පුරෝකථනයක්
2023-04-05 14:01:03
Share with:

මෙම වසර අවසාන වන විට උද්ධමනය 10 % ට වඩා අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරයි. පෙබරවාරි සහ මාර්තු මාසවලට සාපේක්ෂව අප්‍රේල් මාසයේ උද්ධමනය තවත් අඩුවනු ඇතැයි විශ්වාස කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටී. ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රජයේ ප්‍රමුඛතාව මත භාණ්ඩාගාරයේ තීරණ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ණය මුදල භාවිත කිරීමට හැකියාව පවතින බව ද වීරසිංහ මහතා පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබී ඇත. කොන්දේසි සහිතව විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ චීන මහජන බැංකුව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල ද ඊට ඇතුළත් ය.

මේ අතර, ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගෙන යාමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම