නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීමේ දී ෂී ජින් පිං මහතා කළ දේශන පක්ෂ සාමාජිකයන් අතර පැසසුමට
2023-04-05 15:44:52
Share with:

නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීමේ දී ෂී ජින් පිං මහතා කළ දේශන පක්ෂ සාමාජිකයන් අතර පැසසුමට ලක් වෙයි.

පසුගිය 03වැනි දා බෙයිජිං අගනුවර පැවති එම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එක්වෙමින් අවධාරණය කළේ බලවත් රටක් ලෙස ගොඩනැංවීම සහ චීන ජාතියේ පුනර්ජීවනය යන දැවැන්ත ඉලක්ක ප්‍රබෝධවත් වෙමින් පවතින බව ය. මෙවර රැස්වීම පදනම් කරගනිමින් ‍චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන ශක්‍යතා අඛණ්ඩ ව නංවිය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.

මේ පිළිබඳව, පක්ෂ මධ්‍යම කාරක සභාවට අයත් ආයතන වල, රාජ්‍ය ආයතන වල මෙන් ම ජනතා කණ්ඩායම් වල කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ගේ හා කාඩර්වරුන් ගේ ඉහළ පැසසුමට ලක් විය. නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය තහවුරු කරමින් සමාජවාදී නවීකරණ රටක් අංගසම්පූර්ණ අයුරින් ගොඩනැංවීමේ හා චීන ජාතියේ ප්‍රබල පුනර්ජීවනයේ ඉලක්කයන් කරා සාමූහික ව ගමන් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

ගුවන් විදුලිය
20230923සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම