බදු ආදායමේ ශීඝ්‍ර වර්ධනයක්
2023-04-05 14:05:55
Share with:

මේ වසරේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 25,577ක  ආදායමක් උපයා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 3,106 ක් සහ පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 10,540 ක් උපයා ඇති බවයි. එමෙන්ම මාර්තු මාසයේ දී රුපියල් මිලියන 11,930 ක බදු ආදායමක් උපයා ඇත.

ඒ අනුව, ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ බදු ආදායමේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම