හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි
2023-04-05 15:24:22
Share with:

තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා මායාකාරියකගේ දඩයමක් හා සමාන බවත්, ඒවා වහාම ඉවත් කළ යුතු බවත් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

හිටපු ඇමරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (4) රාත්‍රියේ ෆ්ලොරිඩා හිදී කියාසිටියේ, තමා නැවතත් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. එම චෝදනා "ඇමරිකාවට අපහාසයක්" බව ද ඔහු පැවසීය .

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ අපරාධ චෝදනාව යළිත් ඇමරිකාවේ පක්ෂග්‍රාහී හැඟීම් අවුලුවා තිබේ. ඩිමොක්‍රටික් සහ රිපබ්ලික් යන දෙපක්ෂටම හිටපු ජනපති ට්‍රම්ප්ගෙන්  ලාභ ලැබීමට අවශ්‍ය වන අතර, එය මහජන කෝපය සහ හැඟීම් ඔස්සේ මැතිවරණ වාසි  හා මුදල් බවට පත්කෙරෙනු ඇති බවට විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම