චීන - රුසියානු අගමැතිවරුන් අතර දුරකථන සංවාදයක්
2023-04-05 16:55:31
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා, රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin සමඟ දුරකථනයෙන් සාකච්ඡා කරයි.

දෙරටේ රාජ්‍ය නායකයන්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ නවයුගයක් සඳහා වන චීන-රුසියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති බව චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

චීන-රුසියානු සබඳතා අන්‍යොන්‍ය සංවර්ධනය සහ පුනර්ජීවනය ප්‍රවර්ධනය කරයි. ජාත්‍යන්තර සාධාරණත්වය ගරු කරන එම සබඳතාව කිසිදු තෙවන පාර්ශවයකට බලපෑම් එල්ල නොකරන බව ද  Li Qiang මහතා කියාසිටියේය. එසේම, එය ගැටුම් ඇති නොකිරීම, අන්‍යොන්‍ය ගෞරවය, විශ්වාසය සහ අන්‍යොන්‍ය ප්‍රතිලාභ යන මූලධර්මවලට අනුකූල වේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සාර්ථක රුසියානු සංචාරය අතරතුර, ඔහු රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා නව සැලැස්මක් සකස් කළ බව ද අගමැතිවරයා පැවසීය. රුසියාව සමඟ සමීපව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. දෙරටේ රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය නායකයන් දෙදෙනා ඇති කර ගත් වැදගත් එකඟතා ක්‍රියාවට නැංවිය යුතුය. නව සංවර්ධනයක් උදෙසා චීනය සහ රුසියාව අතර ප්‍රායෝගික සහයෝගිතාව ඉදිරියට ගෙන යා යුතු බව ද Li Qiang මහතා පැවසීය.

රුසියානු-චීන සබඳතා ජාත්‍යන්තර නීතිය සහ බහුපාර්ශ්වික මූලධර්මය මත පදනම් ව ඇති බවත්, එය ගෝලීය සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වැදගත් සාධකයක් බවත් රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා පැවසීය. චීනය සමග පවතින පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වය මෙන්ම මනා අසල්වැසි මිත්‍රත්වය ශක්තිමත් කිරීමටත්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමටත් රුසියාව කැමැත්තෙන් සිටින බව ද එරට අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම