තෙල් මිල ඉහළ යාමෙන් මහ බැංකුව උභතෝකෝටික ගැටළුවකට මුහුණ දෙයි
2023-04-04 11:17:49
Share with:

ජාත්‍යන්තර තෙල් මිල ඊයේ(3) සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ. සෞදි අරාබිය ඇතුළු ප්‍රධාන තෙල් නිපදවන රටවල් පසුගිය 2වැනිදා බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කරන බව ප්‍රකාශ කිරීම ඊට හේතුවයි.

වෙළඳපල විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය උද්ධමනය තවදුරටත් වැඩි කරනු ඇති අතර, මහ බැංකුවට මෙමගින් ආක්‍රමණශීලී අනුපාත ඉහල දැමීමේ මාවතට නැවත යාමට බල කෙරෙනු ඇති බවයි. නමුත් ඒ සමගම, පොලී අනුපාත ඉහල දැමීම තවදුරටත් ආර්ථිකයට සිදුකරන පීඩනය පාලනය කිරීමට ද  මහ බැංකුවට සිදු වනු ඇත.

ස්විස් බැංකුව සපයන වාර්තාවකට අනුව, ඇමරිකාවේ මෑතකදී කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර වසා දැමීමේ තත්ත්වයක් උද්ගතව තිබේ. ඊට ප්‍රධාන හේතුව, පොලී අනුපාත වැඩිවීමේ චක්‍රය තුළ, කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට ඉහළ පොලී අනුපාත, ඉහළ උද්ධමනය සහ අඩු වර්ධනය වැනි බහුවිධ පීඩනයන්ට ඔරොත්තු දීම දුෂ්කර වීමයි.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම