ඊනියා “ණය උගුල”හුදෙක් දේශපාලන අසත්‍යයක්
2023-04-04 09:42:25
Share with:

ඊනියා “ණය උගුල”පිළිබඳ අපවාදයට චීනය දැඩි විරෝධය පළ කරන බව මැතකදී ප්‍රකාශ කෙරිණ.

චීනයේ ණය විනිවිදභාවයෙන් තොර බව ඇතැම් කණ්ඩායම් අසත්‍ය කටකතා පැතරවීම චීනයේ මෙම ප්‍රකාශය‍ට හේතුවිය. ප්‍රමාණවත් ප්‍රාග්ධනය නොමැතිවීම ලොව බොහෝ රටවල සංවර්ධනය ඇති ප්‍රධානතම බාධකයකි. සිය ආර්ථික ශක්තිය වර්ධනය කර ගත් චීනය එවැනි රටවලට ණය, ආයෝජන හෝ ප්‍රදාන මගින් සහාය විය. ණය, ආයෝජන හෝ ප්‍රදාන යන මෙම මූල්‍යකරණ ත්‍රිත්වය ලොව සම්මත ආර්ථික සංකල්පයන් බව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වාණිජ මණ්ඩල සභාපති බංඩාර දිසානායක මහතා පවසයි. චීනයේ මෙවැනි ආර්ථික පහසුකම් සැලසීමේ දී දක්නට ලැබුණු ප්‍රධාන ලක්ෂණය නම් විවිධ රටවල අභ්‍යන්තර පරිසරයට බලපාන කොන්දේසිවලින් තොරවීමය.එම මූල්‍යකරණයන් හරහා ඵලදායී ව්‍යාපෘතීන් වෙත යොමු වීම අදාළ රටවල වගකීමකි. ඵලදායීත්වයෙන් තොර ව්‍යාපෘති අසාර්ථක වීමෙන් පසු ඊට මූල්‍ය සහාය සැපයූ චීනය වෙත ඇතැම් පාර්ශ්ව චෝදනා නැගීම පිළිගත නොහැකි කරුණකි. ණය අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය සිය උපරිම සහාය පළ කළේය. මෙවැනි තත්ත්වයන්ගෙන් පැහැදිලි වන්නේ ඊනියා “ණය  උගුල” යන මතය හුදෙක්ම දේශපාලනික වශයෙන් පතුරුවන අසත්‍ය මතයක් යැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම