බොහෝ රටවල් බොරතෙල් නිශ්පාදනය අඩු කරන බවට නිවේදනය කරයි
2023-04-03 10:24:36
Share with:

තෙල් නිෂ්පාදනය කරන රටවල් කිහිපයක් ඊයේ(2) ප්‍රකාශ කළේ, මැයි සිට මෙම වසරේ අවසානය දක්වා බොරතෙල් නිෂ්පාදනය අඩුකරන බවයි.

සෞදි අරාබිය ප්‍රකාශ කළේ, මැයි සිට මෙම වසරේ අවසානය දක්වා, දිනකට බැරල් ලක්ෂ 5කින් බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය බොරතෙල් නිෂ්පාදනය බැරල් එක් ලක්ෂ හතලිස් හතර දහසකින් අඩු කරනු ඇති අතර, කුවේය බැරල් එක් ලක්ෂ විසි අට දහකසකින්  අඩු කිරීමට තීරණය කර තිබේ. ඉරාකය බැරල්  දෙලක්ෂ එකොලොස් දහසකින් අඩු කරනු ඇති අතර, ඇල්ජීරියාව බැරල් හතලිස් අට දහසකින් අඩු කරනු ඇතැයි ප්‍රකාශ කළේ ය. එසේම කසකස්තානය බැරල් 78 දාහකින් නිශ්පාදනය  අඩු කිරීමට අපේක්ෂා කරන අතර, ඕමානය බැරල් 40 දහසකින් නිශ්පාදනය අඩු කරනු ඇත.

මීට අමතරව, රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඊයේ(2) ප්‍රකාශ කළේ, රුසියානු බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් ලක්ෂ 5කින් අඩු කිරීමේ මෙහෙයුම, මෙම වසරේ අවසානය දක්වා දීර්ඝ කරනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම