ප්‍රංශ ජනපති සහ යුරෝපා කොමිසමේ සභාපතිනියගේ චීන සංචාර 5 වැනිදා
2023-04-03 16:04:55
Share with:

චීන ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා අප්‍රේල් 5 වැනිදා  චීනයේ  නිල සංචාරයක නිරත වීමට නියමිතයි. ප්‍රංශ ජනාධිපතිවරයා 7 වැනිදා දක්වා චීනයේ රැඳීසිටිනු ඇත.

එසේම, චීනය සහ යුරෝපා සංගමය එකඟ වූ පරිදි, යුරෝපා කොමිසමේ සභාපතිනි  උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය ද අප්‍රේල් 5 සිට 7 දක්වා චීනයේ සංචාරයකට එක්වෙයි.

චීන විදේශ අමාත්‍යාංශය අද (03) මේ බව ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම