වැව් ප්‍රතිසංස්කරණය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 44 ක්
2023-04-03 15:01:16
Share with:

දශක ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්නොවූ  වැව් ප්‍රතිසංස්කරණය සඳහා ලෝක බැංකුවේ ඩොලර් මිලියන 44 ක මූල්‍ය ප්‍රතිපාදන හිමිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. මේ යටතේ, දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක පවතින වැව් 497ක් ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇත.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 72 ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 29 ක් පළමු අදියරට ඇතුළත් ය.

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. දේශගුණික බලපෑම් නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැතිව පීඩා විඳින ගම්මානවල  ගොවි ජනතාවට අවශ්‍ය ජලය සපයා දීම මෙම වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අරමුණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ප්‍රතිසංස්කරණය නොකර අතහැර දමනු ලැබූ වැව් 870 ක් මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති අතර, ඉන් 497ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසර තුළ සිදුකෙරෙනු ඇතැයි ද  අමාත්‍යංශය පවසයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම