රට පුරා කොස් පැළ මිලියන තුනක් සිටුවීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
2023-04-03 14:59:55
Share with:

නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැළ මිලියන තුනක් සිටුවීමේ “ගුවන් හමුදා හෙරළි පෙරළි” වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී  එම වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාවට නැංවෙන අතර, කොස් සඳහා දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීම මෙහි අරමුණ යි.

වැඩසටහන යටතේ මෙම වසර තුළ කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරේ. කොස් වගාව සම්බන්ධයෙන් ලියැවුණු “ගුවන් හමුදා හෙරළි පෙරළි”ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම