ඇමරිකාව සහ චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඇතිවන ඕනෑම ආකාරයක නිල සම්බන්ධයකට තරයේ විරුද්ධ වන බව චීනය යළි අවධාරණය කරයි
2023-04-03 17:19:12
Share with:

ඇමරිකාව සහ චීනයේ තායිවාන ප්‍රදේශයේ බලධාරීන් අතර ඇතිවන ඕනෑම ආකාරයක නිල සම්බන්ධතාවකට තරයේ විරුද්ධ වන බව චීනය ප්‍රකාශ කරයි.

තායිවාන ප්‍රදේශයේ පාලක Tsai Ing-wen ගේ ඇමරිකානු "සංක්‍රමණය"ට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(3) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළාය.

ලෝකයේ ඇත්තේ එකම චීනයක් වන අතර, තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව Mao Ning මහත්මිය කියාසිටියාය. ඇමරිකාව සහ තායිවාන ප්‍රදේශයේ බලධාරීන් අතර ඇතිවන ඕනෑම ආකාරයක නිල සම්බන්ධතාවකට දැඩි ලෙස විරුද්ධ වන බව චීන පාර්ශ්වය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. අදාළ ඇමරිකානු මන්ත්‍රීවරුන් එකම චීනය යන මූලධර්මයට සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශ තුනේ විධිවිධානවලට අවනත විය යුතු අතර, තායිවානයේ ඊනියා “ස්වාධීන බලවේග” වෙත වැරදි සංඥා නිකුත් කිරීමෙන් වැළකිය යුතු බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම