මෙරට ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ඇරඹීම කෙරෙහි අවධානය
2023-04-03 15:42:10
Share with:

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳව රුසියානු  සහ බෙලරුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාල බලධාරීන් සමග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සාකච්ඡා පවත්වයි.  මෙරට ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය සහ එම රටවල ප්‍රවාහන විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව මෙය ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

රුසියාවේ සහ බෙලරුසියාවේ නිල සංචාරයක නිරත අමාත්‍යවරයා එම රටවල ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා උපාධි පිරිනමන විශ්වවිද්‍යාල නිරීක්ෂණය කර ඇත. ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව උදෙසා  ද්විපාර්ශ්වික කමිටුවක් පිහිටුවීමට ද මෙහිදී එකඟතාව පළ විය.

උසස් අධ්‍යාපනයට යොමුවන මෙරට සිසුන්ට මෙන්ම සෙසු දකුණු ආසියාතික රටවල සිසුන්ට ද ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙමගින් සලසා දිය හැකි බව  අමාත්‍යවරයා මහතා මෙහිදී පැවසීය. රුසියානු හා බෙලරුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සහ අධ්‍යාපන බලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම