චීනයට එරෙහි විරෝධය දේශපාලන කුහක ක්‍රියාවක්
2023-04-03 10:16:50
Share with:

එක් තීරයක් එක් මාවතක් වැනි වැඩසටහන් හරහා විවිධ රටවල විශා‍ල පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට චීනය කටයුතු කරමින් සිටින බව කළමණාකරණය පිළිබඳ මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා පවසයි. චීනය ලෝකයට තර්ජනයක් යැයි සඳහන් කරනුයේ චීන විරුද්ධවාදීන් පමණි. ලෝකයේ තුනෙන් දෙකක් ජනතාව චීනයේ දියුණුව පසසති. සමස්ත මානව වර්ගයාටම යහපතක් සැලසීමට චීනය ක්‍රියා කරමින් සිටින බවද මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා සඳහන් කරයි. මානව සංහතියේ අභිවෘද්ධිය ඉවසා දරාගත නොහැකි පිරිසක් චීනයේ වර්ධනය විවේචනය කරන අතර තර්ජනයක් බව ද සඳහන් කරති. මෙම විරෝධයන් තමා දකින්නේ දේශපාලන කුහකත්වය හා ඉරිසියාවක් ලෙසට යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කරයි.

කුමන අභියෝග හමුවේ වුවද ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් සහ රටවල් අතර සබඳතා පවත්වාගෙන යාමසඳහා වර්තමාන ජනාධිපති ෂී ජිං පිං මහතා නිවැරදි ප්‍රතිපත්තියක  සිටින බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. විවිධ ‍කලාපීය හා ගෝලීය ප්‍රශ්ණවලදී චීනය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මතුවන විවිධ ගෝලීය කරුණුවලදී චීන ඉතා පැහැදිලි තුලනාත්මක ස්ථාවරයන් දක්වා ඇත. බහුපාර්ශ්වවාදය මෙන්ම ගෝලීය සාධාරණ වෙළඳ පරිසරයක් වෙනුවෙන් චීනයේ කැපවීම පැසසුම් සහගත යැයි ද මහාචාර්යවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම