චීනයේ ග්‍රාමීය වෛද්‍ය සේවා තවදුරටත් සහතික කෙරේ
2023-04-03 12:11:02
Share with:

චීනයේ ග්‍රාමීය වෛද්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවේ.

චීන ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය කොමිසම පසුගිය දා මාර්ගෝපදේශනයක් නිකුත් කර ඇත. ඒ අනුව, රටේ කෝරළ මට්ටමේ ජංගම වෛද්‍ය සේවා සහ ස්ථානගත වෛද්‍ය සේවා විධිමත් අන්දමින් පවත්වාගෙන යා යුතු වේ. ඒ සඳහා නාගරික වෛද්‍ය හා සෞඛ්‍ය සේවකයන් නිතිපතා ග්‍රාමීය ප්‍රදේශවලට සේවා සැපයීමේ ක්‍රමයක් සකස් කෙරේ. වසර 2025 වන විට එම ක්‍රමය පූර්ණ වශයෙන් ස්ථාපනය කෙරෙනු ඇත.

ගම්මානවල පවතින තත්ත්වයන්ට අනුව වෛද්‍ය සේවා සිදු කෙරෙන බව චීන ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය කොමිසම නිකුත් කළ එම මාර්ගෝපදේශනය සඳහන් කරයි. කුඩා සේවා ජනගහනයක් සිටින සහ ස්ථාවර වෛද්‍ය සේවා නොමැති ගම්මාන සඳහා නගර සෞඛ්‍ය මධ්‍යස්ථාන මගින් ජංගම වෛද්‍ය සේවා සපයනු ලැබේ. එම ජංගම සේවා සතියකට අවම වශයෙන් දෙවතාවක් ලබාදෙනු ඇත. ඊට එක් වන වෛද්‍ය සේවකයන්ගේ පළපුරුද්ද සහ සේවක දීමනා පිළිබඳ ප්‍රමිතීන් ද එම මාර්ගෝපදේශනය මගින් නියම කර ඇත.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම