බෝඅඕ ආසියානු සංසදසේ වාර්ෂික සමුළුවට ඉහළ ප්‍රතිචාර
2023-04-02 15:34:51
Share with:

පසුගිය මාර්තු මස 28 සිට 31 වැනිදා දක්වා දකුණු චීනයේ හයිනන් පළාතේ පැවති බෝඅඕ ආසියානු සංසදසේ වාර්ෂික සමුළුවට රටවල් හා ප්‍රදේශ 50ක දේශපාලන, ව්‍යාපාරික හා බුද්ධි මණ්ඩල විද්වතුන්, නියෝජිතයින් 1,500කට අධික පිරිසක් ආකර්ෂණය කෙරිණ.

ස්ථීරභාවය වත්මන් ලෝකයේ අති දුර්ලභ දෙයකි.ඇමරිකාවේ Boston උපදේශන සමාගම විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, ප්‍රතිචාර දැක්වූ ගෝලීය ව්‍යාපාරික නායකයින්ගෙන් සියයට 75ක පිරිසක් විශ්වාස කර ඇත්තේ අවිනිශ්චිතතාවය 2023 වසරේ විවිධ රටවල සමාගම් මුහුණ දෙන විශාලතම අභියෝගය බවයි.

“චීනයේ විවෘතභාවයේ සංඥා ඉතා පැහැදිලිය. චීන ආර්ථීක සංවර්ධන ප්‍රවණතාව ශක්තිමත්ය. චීන පාරිභෝගික වෙළඳපොල ලෝකයේ වෙනත් රටවලට ඉතා වැදගත් වේ”. සිව් දින සංසදයේදී විවිධ නියෝජිතයන් චීනයේ ස්ථීරභාවය කෙරෙහි සිය විශ්වාසය එළෙස පළ කර ඇත. 

එවැනි විශ්වාසයක් ඇති වූයේ කෙසේද? 

"චීන වෙළඳපොළ අපගේ ලොකුම විශ්වාසයයි!" සමුළුවට සහභාගී වූ විදේශීය සමාගම් නියෝජිතයෝ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී චීනයේ විචිත්‍රවත් වෙළඳපොල, යහපත් ව්‍යාපාරික පරිසරය හා සම්පූර්ණ සැපයුම් දාම පද්ධතිය පැසසුමට ලක් කළහ.

එවැනි විශ්වාසයක් ‍ගොඩනැඟී ඇත්තේ චීනයේ විවෘතභාවයේ ප්‍රතිපත්තිවල ස්ථීරභාවයෙනි. 

ලෝකය තුල කෙතරම් වෙනස්කම් සිදු වුවද ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය, නවෝත්පාදන සංවර්ධනය යන ප්‍රතිපත්ති, චීනය සැම විටම අනුගමනය කරනු ඇත. මෑතකදී පැවැත්වූ චීන සංවර්ධනයේ උසස් පෙළේ සංසදයේ සිට බොඅඕ ආසියානු සංසදය දක්වා චීනය බාහිර ලෝකයට මෙවැනි ස්ථිර සංඥා ඉදිරිපත් කර ඇත. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම