චීන-ජපාන විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡා
2023-04-02 18:34:12
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ අමාත්‍ය Qin Gang මහතා ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa මහතා සමඟ සාකච්ඡා පවත්වයි. 

සාමකාමී සහජීවනය සහ මිත්‍ර සහයෝගීතා පැවැත්වීම චීන-ජපාන සබඳතාවේ එකම නිවැරදි තෝරා ගැනීමක් බව Qin Gang මහතා අද (2) බෙයිජිං හිදී පැවසීය. චීනය පිළිබඳ නිවැරදි අවබෝධයෙන් සිට දේශපාලන බුද්ධිය මෙහෙයවා වගකීම් භාර ගන්නා ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී. ජපානය චීනය සමඟ පොදුවේ උත්සාහ දරමින් සංවාදයෙන් අදහස් හුවමාරු කර ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් මානව හුවමාරු තහවුරු කරනු ඇති බවට චීනය අපේක්ෂා කරයි. මතභේදයන් නිසි ආකාරයෙන් පාලනය කර දෙරටේ සබඳතාව සඳහා බලපෑම් අවම කරමින් නව යුගයට ගැලපෙන චීන-ජපාන සබඳතාවක් ගොඩනැගීමට චීනය අපේක්ෂා පළ කරන බවද Qin Gang මහතා පවසා ඇත. 

ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම මානවයන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව හා සම්බන්ධ දරුණු ගැටලුවකි. ජපානය එය වගකීමෙන් යුතුව හැසිරවිය යුතුය. ඇමරිකාව, ජපාන අර්ධ සන්නායක කර්මාන්තය මර්දනය කර තිබේ. මේ වන විට චීනයට එරෙහිව ඇමරිකාව පැරණි ක්‍රියාවන් යළි ක්‍රියාත්මක කරමින් සිටී. එවන් වේදනාවෙන් තවම සුවවී නොමැති ජපානය, ඇමරිකාවට චීනය මර්දනය කිරීමට සහාය නොවිය යුතු බව Qin Gang මහතා පැවසීය. චීන තායිවාන ප්‍රශ්නයට මැදිහත් නොවන ලෙසත් චීන ස්වාධිපත්‍යයට කිසිම හානියක් නොකරන ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේය.

දෙරටේ නායකයින් ලබා ගත් වැදගත් පොදු එකඟතාවන් ක්‍රියාත්මක කරමින් ජපාන- චීන දේශපාලන ලේඛන හතර ස්ථීර ලෙස අනුගමනය කරනු ඇතැයි Hayashi Yoshimasa මහතා පැවසීය. සෑම මට්ටමක අදහස් හුවමාරු හා ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කර එකිනෙකාගේ අවශ්‍යතාවන් නිසි ලෙස සලකමින් චීනය සමඟ කටයුතු කිරීමට ජපානය කැමැත්තෙන් සිටී. ඵලදායී මෙන්ම ස්ථාවර ජපාන-චීන සබඳතා ගොඩනැගීම ඉදිරියට ගෙන යාම ජපානය අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම