‍‍ සිරියානු විදේශ අමාත්‍යවරයා ඊජිප්තුවේ සංචාරයක
2023-04-02 16:16:56
Share with:

සිරියානු විදේශ අමාත්‍යවරයා ඊජිප්තුවේ සංචාරයක නිරත වේ.

ඊජිප්තු විදේශ ඇමති Sameh Shoukry මහතා සංචාරයක් සඳහා කයිරෝ නගරයට පැමිණ සිටි සිරියානු විදේශ අමාත්‍ය Faisal Mekdad මහතා සමග සාකච්ඡා පැවැත්වූ බව ඊජිප්තු විදේශ අමාත්‍යංශය ඊයේ(1) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. සිරියානු විදේශ ඇමතිවරයෙකු පසුගිය වසර දහය තුළ ඊජිප්තුවේ සිදු කළ පළමු සංචාරය මෙයයි.

සිරියානු අර්බුදය දේශපාලන මාර්ගයෙන් නිරාකරණය කිරීම හා එරට ජාතික සමාදානය සාක්ෂාත් කිරීම සඳහා වන උත්සාහයන්ට ඊජිප්තුව මුළුමනින්ම සහාය වන බව ඊජිප්තුව ප්‍රකාශ කර ඇතැයි අදාල නිවේදනයේ දැක්වේ. සිරියානු අර්බුදය දේශපාලන මාර්ගයෙන් විසඳා ගැනීම මගින්, විදේශ රටවල් විසින් සිරියානු අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම් නතර කළ හැකි වන අතර එරට ආරක්ෂාව හා ස්ථාවරත්වය සහතික කළ හැකි ය. එසේ ම සිරියාවේ භෞමික අඛණ්ඩතාව, ස්වාධිපත්‍යය හා එරට ජනතාවගේ සම්පත් ද සහතික කෙරේ. 

 මේ අතර ඊජිප්තුව පසුගිය වසර කිහිපය තුළ සිරියාවට දැක්වූ අනුබලය හා පසුගිය පෙබරවාරි මාසයේ සිරියාවේ භූ කම්පාවට ඊජිප්තුව සැපයූ මානුෂවාදී සහනාධාරය පැසසුමට ලක් කරන බව සිරියානු විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය. වඩාත් වැඩි අරාබි රටවල් සිරියාව සමග එක්ව සිට සිරියානු අර්බුදය සමතයකට පත්කිරීමට සහාය විය හැකි යැයි අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම