චීන අගමැති, මැලේසියානු හා සිංගප්පූරු අගමැතිවරුන් සමග වෙන් වෙන්ව සාකච්ඡා පවත්වයි
2023-04-02 16:10:19
Share with:

චීන අගමැති ලී ච්‍යාං මහතා ඊයේ(01) සංචාරයක නිරත මැලේසියාවේ අගමැති Datuk Seri Anwar Ibrahim මහතා සමඟ බෙයිජිංහි දී සාකච්ඡා පැවැත්වීය.

චීනය සහ මැලේසියාව හවුල් අනාගතයක් සහිත චීන-මැලේසියා ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එකඟතාවයකට පැමිණ තිබේ. එය නව යුගයේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බව ලී ච්‍යං මහතා පැවසීය. ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා මග පෙන්වීමක් ලෙස සම්මුතිය ස්ථිර කර ගැනීමට උත්සාහ කරන ලෙස ද හෙතෙම මැලේසියානු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. කලාපීය සහ ගෝලීය සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය මෙන්ම උසස් තත්ත්වයේ, දෙරටේ සහ ජනතාවගේ යහපැවැත්ම ඉහළ නැංවීමට එය ඉවහල් වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ නැගී එන ආර්ථිකයන් ලෙස චීනය සහ මැලේසියාව මීළඟ අදියරේදී සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ සංසන්දනාත්මක වාසි උපයෝගී කර ගත යුතු බව ද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් මහතා පැවසුවේ නව මැලේසියානු රජය දෙරටේ සබඳතා වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දෙන බවයි. එකම චීනය මූලධර්මය දැඩි ලෙස තහවුරු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අනතුරුව චීන අගවැතිවරයා සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතා සමග ද සාකච්ඡා පැවැත්වීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම