චීන සිංගප්පූරු සම්බන්ධතාවය, අංගසම්පූර්ණ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු, දූර දර්ශී හවුල්කාරීත්වයක් බවට නැංවේ
2023-04-02 15:55:53
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතාගේ ආරාධනාවට අනුව සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතා මාර්තු 27වනදා සිට අප්‍රේල් 1වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය.

චීන සිංගප්පූරු සම්බන්ධතාවය, අංගසම්පූර්ණ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු, දූරදර්ශී හවුල්කාරීත්වය බවට නංවාලීමට එම සංචාරය තුළදී දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

අදාල නිවේදනයට අනුව, චීනයේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට සිංගප්පූරුව යළි අනුබලය දක්වන අතර චීනය තවදුරටත් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ගැඹුරු කිරීම පිළි ගනී. සිංගප්පූරුව චීනයේ නවීකරණ සංවර්ධන ක්‍රියාදාමයට තිරසර ව එක්වීම චීනය පිළිගන්නා අතර සිංගප්පූරුවේ තිරසර සංවර්ධනය හා සමෘද්ධියට චීනය අනුබල දක්වනු ඇත.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේදී දෙරට ලත් ජයග්‍රහණ දෙපාර්ශ්වයේ ඉහල පිළිගැනීමට ලක් වේ. දෙ‍රටේත් තම කලාපයේත් ජනතාවට සුබසෙත සලසා දීම සඳහා ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සහයෝගතා තවදුරටත් පුළුල් කිරීමට එක්ව කටයුතු කරනු ඇති බව ද දෙපාර්ශ්වය ප්‍රකාශ කර ඇත.

වෙළඳාම, ආයෝජනය, හරිත හා ඩිජිටල් ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය සේවාව, අභ්‍යවකාශය හා සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍රවල සම්පූර්ණ නිර්මාණශීලි සහයෝගතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය අපේක්ෂා පළ කර ඇත. 

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම