චීන-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම නව තලයකට
2023-04-02 16:00:36
Share with:

චීන-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම පිළිබඳ පසු විපරම් සාකච්ඡා හරවත් ලෙස සම්පූර්ණ කරන බව චීන වාණිජ අමාත්‍යංශය සහ සිංගප්‍පූරු වෙළඳ හා කාර්මික අමාත්‍යංශය ඒකාබද්ධව ප්‍රකාශ කරයි.

ඊයේ (1) දෙරට එම ප්‍රකාශය පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කළහ‍. පෙර නියමිත වූ නිදහස් වෙළඳ ගිවිසු‍ම වැඩිදියුණු කිරීමේ සැලසුම මත පදනම්ව, දෙපාර්ශ්වය සේවා වෙළඳාම හා ආයෝජනය විවෘත කිරීමේ මට්ටම තවදුරටත් ඉහළ නංවන අතර, විදුලි සංදේශ පිළිබඳ නව අංගයක් එක් කරනු ඇත. සාධාරණ  වරප්‍රසාද, වෙළඳපල ප්‍රවේශය, විනිවිදභාවය සහ ඩිජිටල් ආර්ථිකය වැනි ඉහළ මට්ටමේ වෙළඳ නීති එම අවබෝධතා ගිවිසුමට එක් කර ඇත. සේවා වෙළඳාම හා ආයෝජනය විවෘත කිරීම පිළිබඳ ප්‍රතිපත්ති පසුතැවීමකින් තොරව එකිනෙකාට විවෘතභාවය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බව දෙරට තහවුරු කර ඇත. චීන-සිංගප්පූරු ආර්ථික හා වෙළඳ සහයෝගිතාව නව මට්ටමකට ගෙන යාමට එම අවබෝධතා ගිවිසුම වැදගත් දායකත්වයක් දෙනු ඇති බව දෙරට විශ්වාස කරති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම