ගෝලීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් දේශීය මුදල් භාවිතය ශක්තිමත් කිරීමට “ආසියාන්” සැලසුම් කරයි
2023-04-01 14:57:31
Share with:

කලාපීය දේශීය මුදල් භාවිතය ශක්තිමත් කිරීමට සහ ප්‍රධාන ජාත්‍යන්තර මුදල් මත යැපීම අවම කිරීමට අග්නිදිග ආසියානු රටවල් එකඟ වූ බව ඉන්දුනීසියාවේ මහ බැංකුව ඊයේ(31) ප්‍රකාශ කර තිබේ. ගෝලීය අර්බුදය වළක්වා ගැනීම සහ එයට හොඳින් මුහුණ දීම එහි අරමුණ වී ඇත.

මේ වසරේ ආසියාන් සභාපතිත්වය ඉන්දුනීසියාවට හිමිව තිබේ. ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවති අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) මුදල් අමාත්‍යවරුන්ගේ, සාමාජිකයින්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ අවසන් දිනයේ දී මෙම එකඟතාවය ඇති විය.

ඉන්දුනීසියාවේ මහ බැංකු අධිපති Perry Warjiyo මහතා පැවසුවේ, ආසියාන් හි වත්මන් දේශීය මුදල් පියවීම් සහයෝගීතා රාමුව සාක්ෂාත් කර ගැනීමක් ලෙස මූල්‍ය ගනුදෙනුවලදී දේශීය මුදල් භාවිතය ප්‍රායෝගිකව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවන බවයි. 

ආසියාන් රටවලට ඔවුන්ගේ දේශීය මුදල් කලාපය තුළ වැඩි වැඩියෙන් භාවිත කළ හැකි නම්, දේශසීමා වෙළඳාම සහ ආයෝජන සංවර්ධනය සඳහා වඩාත් ස්ථාවර සහයෝගයක් ලබා දිය හැකි බව ද හෙතෙම පැවසීය.

එමඟින් සියලුම ගෙවීම් වේගවත් කළ හැකි මෙන්ම ගෝලීය අර්බුදයට වඩා හොඳින් මුහුණ දිය හැකි බව ද එය සාර්ථක වුවහොත්, ඔවුන්ගේ මුදල්වල වටිනාකම් වැඩි වනු ඇති බවද Perry Warjiyo මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම