සුළු පරිමාණ නිෂ්පාදකයින්ට අවුරුදු සමයේ අවස්ථාවක්
2023-04-01 17:03:53
Share with:

එළඹෙන උත්සව සමයේදී ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිඳු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද (01) සිට අවසර හිමිවන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ උත්සව සමයේ තාවකාලික දින පදනමක් මත මෙම අවසරය ලබාදෙන බවය.  

ඒ අනුව අප්‍රේල් පළමු වැනිදා සිට අප්‍රේල් 12 වනදා දක්වා වන කාලය තුළ මාර්ග ආශ්‍රිතව වෙන්කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය මත සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිව තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම