විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක්
2023-04-01 17:04:35
Share with:

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාසයේදී සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ වසරේ පෙබරවාරි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 407කි. පසුගිය වසරේ පෙබරවාරි මස දී එය ඩොලර් මිලියන 205 ක් ලෙස දැක්විණ. ඒ අනුව පසුගිය වසර හා සසඳා බැලීමේ දී විදේශ ප්‍රේෂණ ලැබීම්වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

 කෙසේ වෙතත් මේ වසරේ ජනවාරියේ දී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක් ලෙස වාර්තා විය.

පෙබරවාරි මාසය තුළ 23,974 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද මහ බැංකුව පැවසීය.

එමෙන්ම පෙබරවාරි මාසයේ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම