ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ‌යෝජනා ත්‍රිත්වයට ඉහළ පිළිගැනීමක්
2023-04-01 16:13:40
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය ‌යෝජනා තුන සංවර්ධනය වෙමින් පවතින රටවලට වැදගත් අර්ථයන් සපයා තිබේ.

ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක යෝජනාව, ගෝලීය සංවර්ධන යෝජනාව, ගෝලීය ශිෂ්ටාචාරයේ යෝජනාව යන යෝජනා තුන ඉතා දූරදර්ශී බව බෝඅඕ ආසියා සංසදයේ සභාපති, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් Ban Ki-moon මහතා ප්‍රකාශ කළේය. ඔහු පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.

එම යෝජනා තුන චීනය විසින් ඉදිරිපත් කළද මුළු ලෝකයටම අදාළ වන සේ යොමු කර තිබේ.ලෝකයේ දෙවන ආර්ථීක ඒකකය වන චීනය විශාල රටකි.චීනය උසස් අධ්‍යාපනයක් සහිත රටක් වන අතර ගෝලීය දේශපාලනයේ සැබෑ බලපෑමකට ලක් වූ රටකි.

ෂී ජින්පිං මහතාගේ දූරදර්ශී දැක්ම කෙරෙහි ප්‍රශංසනීය විය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.එම යෝජනා තුන මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට නියත ලෙස සහය දිය හැකි වනු ඇති අතර ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ට සංවර්ධන මාවතකට යොමු වීමට එය හේතුවක් වනු ඇති බවට හෙතෙම අපේක්ෂා පළ කළේය.

එමෙන්ම මෙවර බෝඅඕ ආසියා සංසදයේ කේන්ද්‍රීය කරුණු වන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සම්බන්ධයෙන් Ban Ki-moon මහතා අදහස් පළ කළේය.එම වැඩපිළිවෙල විවිධ රටවල විශේෂයෙන්ම ආසියානු, මැද පෙරදිග හා අප්‍රිකානු රටවල්හි සාදර පිළිගැනීමට ලක්විය.අදාළ රටවල් සමඟ සමීප සාකච්ඡා හා අදහස් හුවමාරු කිරීම ඉතා වැදගත්ය. ඔවුන්ගේ අවශ්‍යතාවන් අවබෝධ කොට සෘජු සහය ලබා දීම පමණක් නොව පුහුණු හා අධ්‍යයන සැපයුම් පුළුල් කිරීමෙන් අදාළ රටවල ස්වයං ආර්ථීක ප්‍රතිපත්ති සකස් කළ හැකි වන අතර ආර්ථීක සංවර්ධනයට ද පෙළඹවිය හැකිය. අවබෝධතා ඉහළ නංවා පොදුවේ සාකච්ඡා කිරීම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලෙහි මූලධර්මය වන අතර එය ඉතා යහපත් බවද හෙතෙම සඳහන් කළේය.  

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම