චීනය සමග ද්වීපාර්ශ්වීය සබඳතාව ඉක්මවූ රටවල් ත්‍රිත්වයේ අගමැතිවරු ෂී ජින්පිං මහතා හමු වෙයි
2023-04-01 17:15:09
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය 31වනදා, බෙයිජිංහි මහජන මහ ශාලාවේදී, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ස්පාඤ්ඤය, මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල් තුනේ අගමැතිවරුන් හමු විය.

සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතා වැඩි වාරයක් චීනයේ සංචාරය සිදු කර ඇති විදේශ නායකයෙකි. ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez හා මැලේසියානු අගමැති Anwar Ibrahim යන මහත්වරුන්ට නම්, අගමැති ධූරයට පත්වීමෙන් පසු සිදු කරන ප්‍රථම චීනයේ සංචාරය මෙය වීම විශේෂත්වයකි.

මෙම වසරේ, චීනය හා ස්පාඤ්ඤය, චීනය හා මැලේසියාව වෙන් වෙන්ව ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ වැදගත් සංවත්සර සඳහා අනුස්මරණ ක්‍රියාකාරකම් සංවිධාන කර ඇත. චීනය හා ස්පාඤ්ඤය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගුණේ වසර 1973නේ මාර්තු මාසයේදීයි. ඒ අනුව මෙම වසර දෙරටේ සම්බන්ධතාවය ගොඩනැගීමේ 50වැනි සංවත්සරයයි. චීන මැලේසියානු අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩනැගීමේ 10 වැනි සංවත්සරය ද මෙම වසරට යෙදී තිබේ.

සිංගප්පූරු අගමැතිවරයාගේ මෙවර චීනයේ සංචාරයේදී දෙරටේ සම්බන්ධතාවය, අංගසම්පූර්ණ, ඉහල ගුණාත්මකභාවයෙන් යුතු, දූරදර්ශී හවුල්කාරීත්වය බවට නංවා තිබේ. එය ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ වර්ධනයට දිශාව පෙන්වා දී ඇත.

භූගෝලීය අතින් බැලුවහොත්, නායකයින් තුන් දෙනා අතරින්, දෙන්නෙක් ආසියානු රටවලින් පැමිණි අතර එක්කෙනෙක් යුරෝපීය රටක නායකයාය. කලාපීය අතින් බැලුවොත්, මැලේසියාව හා සිංගප්පූරුව ආසියාන් රටවල් වන අතර ස්පාඤ්ඤය නියෝජනය කරන්නේ යුරෝපා සංගමයයි. එළඹෙන ජූලි මාසයේ ස්පාඤ්ඤය යුරෝපා සංගම් වාරික සභාපතිත්වය දැරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

කෙසේ වුවද චීන-ස්පාඤ්ඤ, චීන-මැලේසියානු, චීන-සිංගප්පූරු යන අන්තර් රාජ්‍ය සම්බන්ධතාවයන් තුන තුළින්, දැනට ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය ඉක්මවන වැදගත්කම් හිමි වී තිබෙන බව පැහැදිලි වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම