චීනය හා හොන්ඩියුරාස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැංවීම අත්හිටුවීමට ඇමරිකාව සිදු කළේ කුමක් ද?
2023-04-01 16:27:42
Share with:

හොන්ඩියුරාස් ජනාධිපතිනි Xiomara Castro මහත්මිය නුදුරේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිත බව එරට විදේශ අමාත්‍යංශය මාර්තු 30වනදා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය සිදු කෙරුණේ, හොන්ඩියුරාස් දේශය චීනයේ තායිවාන ප්‍රදේශය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව නවතා දමා චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනගන බව ප්‍රකාශ කර දින හතරක් පමණක් ගත වීමෙන් අනතුරුවය.

තායිවාන ප්‍රදේශයේ වත්මන් ඊනියා පාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය මුදල් පරිත්‍යාගයෙන් සිය ඊනියා රාජ්‍යතාන්ත්‍රිකත්වය පවත්වා ගෙන යාමට පුරුදු ව සිටියි. මෑත වසරවලදී අනාවරණය කෙරුණු දත්තවලට අනුව, තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් හා හොන්ඩියුරාස් දේශය අතර එවන් අපකීර්තිමත් ගනුදෙනු හි වටිනාකම ඇ.ඩො. දෙකෝටියක් පමණ වේ. කෙසේ වෙතත්, තමා ජනපති ධූරයට පත්වුවහොත්, තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් සමග සම්බන්ධකම අත්හැර චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනගන බවට වසර 2021 නොවැම්බර් මාසයේ  Xiomara Castro මහත්මිය ජනපතිවරණ කාලයේදී ප්‍රකාශ කර තිබේ. ඉන් අනතුරුව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් Brian Nichols හදිසියේ හොන්ඩියුරාස් දේශයට පැමිණ එර‍ට තායිවාන ප්‍රදේශය සමග සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. වසර 2023 ජනවාරි මාසයේ ඇමරිකාව හා තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින්, ‘හොන්ඩියුරාස් දේශයට සහනාධාර සැලැස්මක්’ එළිදැක්වීය. හොන්ඩියුරාස් දේශයේ රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වෙනස් වීමේ ප්‍රවණතාවට බාධා කිරීම සඳහා මාර්තු මස 15 වනදා ඇමරිකානු ජනපතිගේ විශේෂ උපදේශක Christopher Dodd හොන්ඩියුරාස් දේශයේ ද හදිසි සංචාරයක් සිදු කළේය. ඒත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය මුදල් පරිත්‍යාගයෙන් හෝ වේවා, ඇමරිකාව ප්‍රසිද්ධියේ මෙහෙයවූ අතපෙවීම්වලින් හෝ වේවා, ඒවා ඵලක් නොමැති බව ලෝක වාසීන්ට දැකගන්නට ලැබී ඇත. සැබවින්ම තායිවාන බෙදුම්වාදීන්ගේ උත්සාහය අනිවාර්යයෙන් පරාජිත වනු ඇති බව ස්ථිර‍ වේ. එමෙන්ම, විදේශ රටවල මැදිහත්වීම්වලින් අභ්‍යන්තර ගැටළුවලට නිසි විසඳුමක් ලබා දිය නොහැකි බව මෙයින් යළිත් පිළිබිඹු වී තිබේ.

Tsai Ing-wen, තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා ලෙස තේරී පත්වීමෙන් පසුව එම ප්‍රදේශය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඇති රටවල සංඛ්‍යාව 22ක සිට 13ක් දක්වා අඩු වී තිබේ. එකම චීන මූලධර්මය පිළි ගනිමින්, චීනයේ එක්සත්වීමට අනුබල දක්වන රටවල සංඛ්‍යාව එන්න එන්නම වැඩි වීම, නවතාලිය නොහැකි ඓතිහාසික  ප්‍රවණතාවක් බව මින් පැහැදිලිය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම