න්‍යෂ්ටික යුද්ධයේ අවදානම අවම කරන ලෙස චීනය සියලුම න්‍යෂ්ටික අවි රාජ්‍යයන්ගෙන් ඉල්ලයි
2023-04-01 15:16:19
Share with:

න්‍යෂ්ටික යුද්ධයක අවදානම ඵලදායී ලෙස අඩු කරන ලෙස චීනය සියලුම න්‍යෂ්ටික අවි රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඊයේ (31) ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට එක්වෙමින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

"ප්‍රධාන රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාවය ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වන මූලික සහතිකය" බව ඔහු පැවසීය.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී න්‍යෂ්ටික අවි රාජ්‍ය පහේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් න්‍යෂ්ටික යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බවත් කිසිදා සටන් නොකළ යුතු බවත් අවධාරණය කර ඇත. න්‍යෂ්ටික අවි කිසිවක් එකිනෙකාට හෝ වෙනත් කිසිවකුට ඉලක්ක නොවන බව යළිත් එමඟින් තහවුරු ඇති බව Geng Shuang මහතා සඳහන් කළේය. ප්‍රකාශයේ දැක්මට අවනත වී, න්‍යෂ්ටික යුද්ධයක අවදානම ඵලදායී ලෙස අවම කිරීමට පියවර ගත යුතුය. න්‍යෂ්ටික අවි රාජ්‍යයන් අතර සන්නද්ධ ගැටුමක් ඇති නොවීමට කටයුතු කරන මෙන් චීනය සියලු න්‍යෂ්ටික අවි රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම