උද්ධමනය තවත් පහළට
2023-04-01 17:05:13
Share with:

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස සමස්ත උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

මාර්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 47.6 ක් දක්වා පහත වැටී ඇත. පෙබරවාරි මස සමස්ත උද්ධමනය සියයට 50.6 ක් ද, එම මස ආහාර උද්ධමනය සියයට 54.4 ක් ද විය. ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 50 ට අඩු ප්‍රතිශතයකට පත්ව ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

කෙසේ වෙතත් පෙබරවාරි මස සියයට 48.8 ක්ව පැවැති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 51.7 ක් දක්වා ඉහළ ගොස්  තිබේ. නිවාස, ජල, විදුලි සහ ගෑස් උප කාණ්ඩයේ උද්ධමනය සියයට 24.3 සිට සියයට 42.3 ක් දක්වා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම