ඇමරිකාවේ පක්ෂ ගැටළු උග්‍ර අතට
2023-04-01 16:16:42
Share with:

අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජනාධිපති Donald Trumpට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇත. ඉදිරි දින කිහිපය තුළ එම චෝදනා පත්‍රයේ කරුණු ප්‍රසිද්ධ කෙරෙනු ඇතැයි වාර්තා වේ. Donald Trump නඩු විභාගය සම්බන්ධ කටයුතු New York ජනපදයේ Manhattan ප්‍රදේශයේ නඩු පවරන්නාගේ කාර්යාලය හා Donald Trumpගේ නීතිඥයන් සාකච්ඡා කරනු ඇත. Donald Trump ප්‍රකාශයක් කරමින් චෝදනා කළේ ඇමරිකා ඩෙමොක්‍රටික් පක්ෂය තමාට දේශපාලන හිංසනය සිදු කරමින් මහ මැතිවරණයට මැදිහත් වීමට උත්සාහ කරමින් සිටින බවයි. ඇමරිකා ඉතිහාසයේ අපරාධයක් සම්බන්ධ ‍‍චෝදනා එල්ල වූ වෙනත් හිටපු ජනාධිපතිවරයෙක් නොමැත. Donald Trump ට චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් ඇමරිකා ඩෙමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය අතර විශාල මතභේද ඇති වී තිබේ. ඇමරිකාවේ දේශපාලන ධ්‍රැවීකරණය හා සමාජය කැබලි කිරීම තවදුරටත් බරපතල වන බව මහජන මතයෙන් ප්‍රකාශ වී ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම