චීනය හා ස්පාඤ්ඤය අතර කලාත්මක හා සංස්කෘතික හුවමාරුව තර කෙරේ
2023-03-31 20:01:27
Share with:

තුන් වන චීන යුරෝපීය සංගීත ප්‍රසංගය සහ චීන-ස්පාඤ්ඤ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය පිළිබඳ සංගීත ප්‍රසංගය’ පැවැත්වේ. චීන මාධ්‍ය සමූහය විසින් අද(31) පවත්වන ලද එම සංගීත ප්‍රසංගයේදී චීනයේ හා ස්පාඤ්ඤයේ කලාකරුවන් සම්භාවනීය නැටුම් ගැයුම් සංදර්ශන ඉදිරිපත් කරමින් දෙරටේ දිගු ඉතිහාසය සහිත සාම්ප්‍රදායික සංස්කෘතිය විදහා පා තිබේ.

මෙම ප්‍රසංගය පැවැත්වූ චීන මාධ්‍ය සමූහයට ස්තුතිවන්ත වන බව චීනයේ ස්පාඤ්ඤ තානාපති Rafael Dezcallar මහතා වීඩියෝ ආකාරයෙන් කතාවක් කරමින් පැවසීය. අන්‍යෝන්‍ය වශයෙන් දැන ගැනීම, අන්‍යෝන්‍ය අවබෝධයට පදනම බවත් එමගින් දෙරටේ සම්බන්ධකම ප්‍රවර්ධනය කළ හැකි බවත් ඔහු පවසා ඇත.

මෙවර සංගීත ප්‍රසංගය චීනය හා ස්පාඤ්ඤය අතර කලාත්මක හා සංස්කෘතික හුවමාරුවට සක්‍රීය වැදගත්කමක් හිමි වන බව ස්පාඤ්ඤයේ චීන තානාපති වූ හයිටාඕ මහතා වීඩියෝ ආකාරයෙන් කතාවක් කරමින් පැවසීය. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම